ඉන්දියාවෙන් කොරෝනා නව වෛරස් ප්‍රහේදයක් හමු වෙයි. ප්‍රාන්ත 18කින් මෙම නව වයිරස් ප්‍රභේදය හමුවී ඇති බව සදහන්. වයිරසය ආසාදිත පුද්ගලයින් 771 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් ලබාගත් සාම්පල දහදහස් හත්සිය අසූහතක් පරික්ෂාවට ලක්කලා.
එහිදී බ්‍රිතාන්‍ය වයිරස් ප්‍රභේදය වැළදී පුද්ගලයින් 736 දෙනෙකු, අප්‍රිකා වයිරස් ප්‍රභේදය වැළදී 34 දෙනෙකු සහ බ්‍රසීල වයිරසය වැළදි එක් පුද්ගලයෙකු හදුනා ගැනුණා. නව වයිරස් ප්‍රභේදය වැඩි වශයෙන් හමු වී ඇත්තේ බටහිර මහාරාෂ්ට ප්‍රාන්තයෙන්.
පසුගිය කාලය පුරා ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් මෙසේ සාම්පල මගින් වයිරසයේ තත්ත්වය පරීක්ෂා කළ බවයි වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නව වයිරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යාමක් පෙන්නුම් නොකරන බව ඔවුන් සදහන් කරනවා.
The post ඉන්දියාවෙන් තවත් කොරෝනා ප්‍රහේදයක් මතුවෙයි appeared first on ITN News.
Post a Comment