ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් පරිහරණය අවිධිමත් තත්ත්වයක පවතිනවා. ඒ පිළිබද ජනතාව දැනුවත් කරමින් තම ගෙවතු කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සදහා මාර්ගෝපදේශ ලබා දීම වැදගත්. ප්‍රජාවන ව්‍යාපෘති පුලුල් කිරීමෙන් පාරිසරික ගැටලු රැසකට විසදුම් ලබාදීමට හැකිවන අතර ඒ සදහා යොමුවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නා. ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාසයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන බව දිස්ත්‍රික් ලේකම්වරුන් මෙහිදී සදහන් කළා.
The post ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ජනපති හමු වෙයි appeared first on ITN News.
Post a Comment