ආසියා සම්භවයක් ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවන අපරාධ නවත්වන ලෙස බල කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වී තිබෙනවා.
පසුගිය කාලය තුළදී ඇමරිකා එක්සත් ජනපදය තුළ ආසියා සම්භවයක් ඇති පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වීමත් සමඟයි මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ. විශේෂයෙන් චීන ජාතිකයන් ඉලක්ක කර ගනිමින් නොයෙකුත් හිංසනයන් සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. උද්ඝෝෂණවලට සම්බන්ධ වී සිටින බොහෝ දෙනෙකු තරුණ පිරිස් බවයි වාර්තා වන්නේ. ආසියානුවන්ට එල්ල වෙමින් තිබෙන ප්‍රහාර තමන් තරයේ හෙලා දකින බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළදී චීනයට එරෙහිව ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
The post ඇමරිකාවේ ප්‍රදේශ රැසක උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment