ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බංග්ලාදේශ සංචාරයට විරෝධය පල කරමින් පසුගිය සිකුරාදා ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගැටුම්වලින් තවත් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉස්ලාම් ආගමික කොටස් බංග්ලාදේශයේ ඉදිකර ඇති හින්දු කෝවිලකට හා දුම්රියකට පහර දී ඇති බවද සදහන්. මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇත්තේ එරට විශ්වවිද්‍යාල සිසුන් සහ සමාජ ක්‍රියාකාරීන්.
අග්‍රාමාත්‍ය මෝදිට විරෝධය පල කරමින් පැවති උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමත් සමගම එරට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයින්ට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය යටතේ දැඩි අසාධාරණකම් සිදුවන බව පවසමිනුයි ඉස්ලාම් ආගමික කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ.
The post මෝදිට විරෝධය පල කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ ප්රචණ්ඩ වෙයි appeared first on ITN News.
Post a Comment