Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සූවස් ඇළේ හිරවිල්ලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හිර නොකර ගන්න දැඩි අවධානයක්  

Add comments

ලොව වඩාත්ම කාර්යබහුල නාවික වෙළෙඳ මාර්ගයක් වන ඊජිප්තුව ආශ්‍රිත සූවස් ඇළේ එවර්ගිවන් නෞකාව සිරවී අදට දින 6 ක් ගතවී තිබෙනවා. මේ සිද්ධිය නිසා බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවී  තිබෙනවා.

ඊයේ දිනයේදී සිදු කළ මෙහෙයුම් මගින් නෞකාවේ පිහිටීමේ සුළු වෙනසක් සිදු කිරීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුව ද නෞකාව සම්පූර්ණයෙන් මුදා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවට අනාවැකි පළවනවා. ඊයේ දිනයේදී ටග් යාත්‍රා 14 ක් යොදා ගනිමින් වඩදිය ඇතිවන අවස්ථාවේ යාත්‍රාව මුදා ගැනීමට උත්සාහ කර තිබෙනවා. අද දිනයේ ද එය ක්‍රියාත්මක බවයි සූවස් ඇළේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ. මේ වන විටත් නෞකා 300 කට අධික සංඛ්‍යාවක් ඇළ දෙපස සිරවී ඇති බව වාර්තා වනවා. ඇතැම් නෞකා දකුණු අප්‍රිකා තුඩුව හරහා යුරෝපය වෙත ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඇළ මාර්ගය අවහිර වීමෙන් ඊජිප්තුවට දිනකට අහිමිවන මුදල ඩොලර් මිලියන 14 ක්. මහා සාගරයේ මෑතකදී ඇතිවූ විශාලතම නෞකා තදබදය මෙය බවයි පැවසෙන්නේ. නෞකාවේ අඩංගු බහාලුම් ප්‍රමාණය 20,000 ක් වනවා. එහි සම්පූර්ණ බර ටොන් දෙලක්ෂ 24,000 ක්. නෞකාව නිවැරදි දිශානතියට යොමු කිරීමට නම් එම ස්ථානයේ සිරවී ඇති වැලි තට්ටු ඉවත් කළ යුතුයි. ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත්ලක්ෂ හයදහසක් එහිදී ඉවත් කිරීමට සිදුවනවා. එමෙන්ම එහි බහාලුම් ප්‍රමාණයක් ඉවත් කර හෝ නෞකාව යථා තත්ත්වයට පත් කර ගැනීමට මේ වන විටත් සැලසුම් ක්‍රියාත්මක වනවා. ‍මෙමගින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවුව ද ආනයන හා අපනයන පමා වීම හා ඉන්ධන මිල ඉහළ යාම තුළින් වක්‍රාකාර බලපෑමක් ඇති විය හැකි බව විශ්ලේෂකයන් පවසනවා.

 

The post සූවස් ඇළේ හිරවිල්ලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හිර නොකර ගන්න දැඩි අවධානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG