Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිඟ බදු අයකර ගැනීමට අදාළ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම කෙරෙහි අවධානය  

Add comments

හිඟ බදු අය කර ගැනීම සම්බන්ධ දීර්ඝ කාලීන අධිකරණ ක්‍රියාවලිය හා නඩු කල්යාම නිසා රුපියල් බිලියන ගණනක බදු මුදලක් අයකර ගැනීමට නොහැකි වී ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගිණුම් කාරක සභාවේදී හෙළි කළා. අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් හේතුවෙන් බදු ගෙවීම් පැහැර හරින්නන් එය සිය වාසියට යොදා ගන්නා බවයි මෙහිදී හෙළි වුණේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි රජයේ ගිණුම් පිළිබද කාරක සභා රැස්වීම පැවැත්වුණේ. නඩු කල්යාම වළක්වා හිග බදු අයකර ගැනීමට අදාළ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. එමෙන්ම බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් හා කඩිනම් කළ හැකි ක්‍රියාමාර්ග ගැනීම සදහා අවශ්‍ය නම් නීතිය ද වෙනස් කළ යුතු බව තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නා.

හිග බදු අයකරගත යුතු ආයතන සම්බන්ධයෙන් සකස් කර ඇති ලේඛනයේ නිවැරදි බව පිළිබද ගැටලුවක් පවතින බැවින් එය නිරවුල් කරගත යුතු බව ගිණුම් කාරක සභාව දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ඇතුලු ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කිරීමේ වැදගත්කම පිළිබදව ද සාකච්ඡා කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් මීට එක්ව සිටියා.

 

The post හිඟ බදු අයකර ගැනීමට අදාළ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම කෙරෙහි අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG