Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස ගණනාවක් වසා තිබූ බස්නාහිර පාසල්වල ශ්‍රේණි 3 ක අධ්‍යයන කටයුතු ඇරඹෙයි  

Add comments

කොරෝනා වසංගතය හමුවේ මාස ගණනාවක් වසා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි තුනක අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අධ්‍යයන කටයුතු සිදු කරන ලෙසටයි දැනුවත් කර තිබෙන්නේ.

පිට පළාත්වල පාසල් විවෘත කෙරුණ ද බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම ප්‍රමාද කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළේ කෝවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස 05, 11 සහ 13ශ්‍රේණි අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරුණා . සෙසු සියලු ශ්‍රේණි අධ්‍යයන කටයුතු අප්‍රේල් 19 වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයතීරණය කර තිබෙනවා. එමෙන්ම ඉදිරි සියලු විභාග කටයුතු සැළසුම් කර ඇති පරිදි නියමිත දිනයන්වලදීම පැවැත්වීමට උත්සාහ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

The post මාස ගණනාවක් වසා තිබූ බස්නාහිර පාසල්වල ශ්‍රේණි 3 ක අධ්‍යයන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG