ජනපති ගම සමඟ පිළිසදර 16 වන වැඩසටහන අද (27) පැවැත්වෙනවා. ඒ මාතර පිටබැද්දර කිරිවැල්කැලේ – උතුර තුන ග්රාමසේවා වසම මුල්කර ගනිමින්.
1958 ස්ථාපිත කළ උස් බිම් ජනපදයක් වන කිරිවැල්කැලේ ග්රාමයට පවුල් 622 ක් ඇතුලත්.
ඔවුන් මුහුණ දෙන ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමයි සැලසුම.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මැති ඇමතිවරුන් සහ රාජ්ය නිලධාරින් රැසක් එම අවස්ථාවට එක්වනවා.
ගම්මානයේ ජනතාව මුහුණදෙන ගැටලු රැසක් ද හදුනාගෙන ඇති බවයි මාතර දිස්ති්රක් ලේකම් ප්රදීප් රත්නායක මහතා සඳහන් කළේ.
The post ගම සමඟ පිළිසදර අද මාතර කිරිවැල්කැලේදී appeared first on ITN News.
Post a Comment