ඉදිරි දින කිහිපයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව, බස්නාහිර,වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
The post ඉදිරි දින කිහිපයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment