Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රහස් පොලීසියට කොටුවුනු සාලිව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර  

Add comments

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයක් තිබෙන නිසා බව සරත් වීරසේකර ඇමතිවරයා ප‍්‍රකාශ කළා.

CID අත්අඩංගුවේ සිටින අසාද් සාලි මහතා දින තුනක රැදවුම් නියෝග මත මේ වන විටත් රදවාගෙන ප්‍රශ්න කරනවා.

නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙසක් අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි අසාද් සාලි මහතා ඊයේ අත්අඩංගුවට ගත්තේ. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

අසාද් සාලි මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩද සොයා ගැනීමට පොලීසියට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

 

The post රහස් පොලීසියට කොටුවුනු සාලිව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG