Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 338ක්  

Add comments

ඊයේ (17) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අසූඅටදහස් අටසිය හැටදෙකක්. එහෙත් ඉන් 85,725 දෙනෙකුම සුවය ලබා ඇති බැවින් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනුයේ රෝගීන් 2,600 දෙනෙකු පමණයි. සැක සහිත රෝගීන් 305 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 537 ක්.

ඊයේ දිනය තුළ නව රෝගීන් 338 දෙනෙකු හදුනා ගත්තා. ඉන් වැඩිම පිරිස ඊයේ දිනයේද වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 41 ක්. මාතර දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු හදුනා ගැණුනා. ත්‍රිකුණාමලයෙන් ඊයේ දිනයේ වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 35 ක්. ඊයේ දිනයේදී 354 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියා.

මේ වනවිට පුද්ගලයින් 11,644 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 6,237 ක්.

මේ අතර කොවිඩ් දෙවන රැල්ල සතුටුදායක ලෙස පාලනය කෙරෙමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. එහෙත් රෝගය මුළුමනින්ම පාලනය වී නැති බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව එම සංගමය අවධාරණය කරනවා.

කොවිඩ් එන්නත ගැන දුර්මත ප්‍රචාරය වන බවත් එන්නත තුළින් රෝග ආසාදනය වලකින බවත් එම සංගමය සදහන් කරනවා.

ඊයේ දිනය තුළ 9,657 දෙනකුට එන්නත ලබාදීමත් සමග මෙරට එන්නත ලබාදී ඇති සමස්ත සංඛ්‍යාව 806,449 දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 338ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG