Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට  

Add comments

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 35,871 ක් වාර්තා වී තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයෙන් අනතුරුව එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණා. කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මහාරාෂ්ට ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයින් 23,179 දෙනෙකු හඳුනා ගැණුනා. ඒ මාස 6 කට පසුව මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. එය අගහරුවාදා දිනයට සාපේක්ෂව 30% ක වැඩිවීමක්. නාග්පූර්, ගුජරාට්, පන්ජාබ්, කේරළ සහ මුම්බායි නගරවලින්ද දහස ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 

 

The post ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG