Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුවඳ විලවුන් තොගයක් රේගු අත්අඩංගුවට  

Add comments

කඩදාසි ගෙන්වන බව හගවා චීනයේ සිට නීතිවිරෝධී ලෙස සුවද විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් රේගු විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සුවදවිලවුන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ. විදේශීය රටවලින් තීරුබදු සහනය යටතේ කම්හලකට කඩදාසි ඇතුලු අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් මෙම සුවද විලවුන් තොගය  ගෙන්වා ඇති බව හෙළිව තිබෙනවා.

මීට පෙරද මෙම සැකකරුවන් මෙවැනි බහාලුම් ගෙන්වා තිබේද යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන බවයි  රේගු නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර සයිබර් ප්‍රහාරයක් මගින් ප්‍රසිද්ධ බැංකුවකින් රුපියල් ලක්ෂ 3000ක් සොරකම් කළ බව කියන සිද්ධියකට අදාළව සැකකරුවන් තුන් දෙනෙකුට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුළු මෙම සිද්ධියේ සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

The post සුවඳ විලවුන් තොගයක් රේගු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG