Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට යුරෝපා සංගමයෙන් සහතිකයක්  

Add comments

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත ආරක්ෂිත සහ ක්‍රියාකාරී එන්නතක් බවට යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය සහතික කර තිබෙනවා.

ඒ අනුව ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිත කිරීම අත්හිටවූ රටවල් නැවතත්  එන්නත් ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ. එන්නත ලබා දුන් පුද්ගලයින්ට ලේ කැටිති ඇතිවන බවට පළවූ වාර්තාවලින් පසු සිදුකළ ඇගයීමකින් අනතුරුව නැවතත් මෙම එන්නත භාවිතය අනුමත කර තිබෙනවා. යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය සිදුකළ නව ඇගයීමේදී අනාවරණය වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා දීමෙන් එලෙස අනතුරුදායක ලේ කැටිති ඇති වන බවට සාක්ෂි නොමැති බවයි.

ඒ අනුව එන්නත භාවිතය අත්හිටවූ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුලු රටවල් 13 ක් එම එන්නත කඩිනමින් යළි භාවිත කිරීමට සූදානමින් සිටිනවා.

ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයද මීට පෙර සියලු රටවලින් ඉල්ලීමක් කළා. එමගින් සිදුකළ ඇගයීමේ වාර්තාවද අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

 

 

The post ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට යුරෝපා සංගමයෙන් සහතිකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG