Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රංජන් ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි  

Add comments

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවා ඇති සිර දඩුවම යළි සලකා බලන ලෙස ඉල්ලමිනුයි රංජන් රාමනායක මහතා නීතිඥවරුන් මාර්ගයෙන් මෝසම ගොනු කර තිබෙන්නේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට වසර හතරක සිර දඩුවම් නියම කර තිබෙනවා. එය යළිත් සලකා බලන ලෙස ඉල්ලමිනුයි මෙම මෝසම ගොනු කර තිබෙන්නේ.  මෝසම තුළින් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඩුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය හිමිකම පවතින බවයි. ඒ අනුව තමන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස රංජන් රාමනායක ඉල්ලා සිටිනවා. එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ද ඔහු මෝසමෙන් ඉල්ලා තිබෙනවා.

 

 

 

The post රංජන් ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG