Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ රාමඤ්ඤ මහ නිකායේ අනුනායකධූරයට  

Add comments

පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායකධූරය පිරිනැමීම පිළිබද අක්තපත්‍රය පිළිගැන්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. ඒ රාමඤ්ඤ නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව අනු නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමස්ත ලංකා පිරිවෙන් අධ්‍යාපන උපදේශක හිමි නමක ලෙසද කටයුතු කළා. අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලක සභික ලෙසද උන් වහන්සේ කටයුතු  කර තිබෙනවා. 1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසක තනතුරු හෙබවූවා. විවිත්‍රධර්ම කථිකයෙකු වන පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී ස්වාමීන් වහන්සේ විදේශ ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළා. අනුනායක පදවිය සදහා වන අක්තපත්‍ර ප්‍රදානය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ අතර විජිනිපත පිළිගැන්වීම විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළා.

 

 

 

 

The post නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ රාමඤ්ඤ මහ නිකායේ අනුනායකධූරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG