Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගේ බංග්ලාදේශ සංචාරය සාර්ථකව අවසන්  

Add comments

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකටම වැදගත් වන ගිවිසුම්වලට එළඹමින් අග්‍රාමාත්‍යවරයාගේ බංග්ලාදේශ නිල සංචාරය සාර්ථකව අවසන් කෙරුණා.

දින දෙකක නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශය බලා පිටත්ව ගියේ පසුගිය 19 වනදායි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව එරට බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා ඩකා ගුවන් තොටුපලේදී මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඒ එරට අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.

බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැළකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ මුජිබ් වර්ෂයට අදාළව අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයද පැවැත්වුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 1971 බංග්ලාදේශය බිහිවනතුරුම තමන්ගේ නිදහස් අරගලය අඛණ්ඩව කරගෙනයාම බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ මහතාගේ අධිෂ්ඨානය වූ බවයි. අසල්වැසියෙකු හා සමීප මිතුරෙකු ලෙස අභියෝග මධ්‍ය යේ වුවත් තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට ශ්‍රී ලංකාව මිතුරෙකු ලෙස ප්‍රමුඛතාව දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරුන් අතර හමුව පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙම සංචාරය ඉවල් වූ බවයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ලබන වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට වසර 50 ක් සපිරෙනවා. එහිදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක්  ද කළා.

එහිදී බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය කියාසිටියේ සාර්ක් සංවිධානයේ කෝවිඩ් 19 හදිසි අරමුදල යටතේ වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට එවන බවයි. කලාපීය ආර්ථික සහයෝගීතාව වර්ධනය වන ආකාරයට කලාපයට අනන්‍ය වූ ආර්ථිකයක් ගොඩනැගීමේ යෝජනාව ෂෙයික් හසීනා මහත්මිය මෙහිදී පිරිසගේ අවධානයට ලක් කළා. ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශයේ වී ප්‍රභේද මෙරටට ලබා දීමටත් එරට මිරිදිය කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ගැනීම පිළිබඳවත් සාකච්ඡා  වුණා. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරියේ අවබෝධතා ගිවිසුම් 6 කට ද අත්සන් තැබුණා. තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම , කෘෂිකාර්මික පර්යේෂණ , වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීම , සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණු කිරීම , ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යයනය සහ 2021 / 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහනක් සම්බන්ධයෙනුයි ඒසේ ගිවිසුම් ගත වුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බංගබන්දු කෞතුකාගාරය නැරඹීමට ද එක්වුණා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා ද හමුවුණා. මහත් හරසරින් අග්‍රාමාත්‍යවරයා පිළිගත් බංග්ලාදේශ ජනාධිපතිවරයා දෙරට අතර සබදතා තහවුරු කර ගැනීමේ සාකච්ඡා පැවැත්වූවා. සාර්ථක දෙදින නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

The post අගමැතිගේ බංග්ලාදේශ සංචාරය සාර්ථකව අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG