Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහබැංකු කොල්ලය අමතක කර සීනිවලට පොල් ගැසීම දෛවයේ සරදමක්  

Add comments

මහ බැංකු කොල්ලය අමතක කළ පිරිස් අද සීනි වංචාවට යැයි කියමින් දේවාලවල පොල් ගැසීම දෛවයේ සරදමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොල් ගැසීමේ සිද්ධිය පිළිබද අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොල් ගැසීමට ගොස් සිටියේ  සීනිගම දෙවොල් දේවාලයටයි. ඒ සදහා නලින් බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මෙම පිරිස දෙවොල් දේවාලට ගොස් මිරිස් ඇඹරීමට සූදානම් වුවද දේවාලය වසා තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොල්ගැසීමට ගත් පියවර ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝෂදර්ශනයට ලක් වුණා. හික්කඩුවේ පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළිබද අදහස් පල කළ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා.

 

 

The post මහබැංකු කොල්ලය අමතක කර සීනිවලට පොල් ගැසීම දෛවයේ සරදමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG