Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරෂුට් දෙකක් එකිනෙක පැටලී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙක් මරුට  

Add comments

අම්පාර ගුවන් හමුදා කඳවුරේ අද උදෑසන පැරෂුට් පුහුණුවක් අතරතුරදී සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් ගුවන් හමුදා සාමාජිකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගුවන් හමුදා නිලධාරීන්ගේ දෙනා අද උදෑසන මුහුණදීමේදී අඩි 3500 ක උසක සිට පැරෂුට් ආධාරයෙන් පහතට පැමිණ තිබෙනවා. එහිදී ඇති වූ සුළං තත්ත්වයක් හේතුවෙන් සිදු වූ හදිසි කෙලෙසකින් නිලධාරීන් දෙදෙනාගේ පැරිෂුටි දෙක එකිනෙක පැටලී ගෙන් අනතුර සිදුවුණා.

පොළොවට පතිත දීමට අඩි 40ත් 50ත් අතර ප්රමාණයක පරතරයක් තිබිය දී මෙලෙස පැරෂුටි දෙක එකිනෙක පැටලීමෙන් අනතුරට ලක්ව නිලධාරීන් දෙදෙනා පහතට ඇද වැටී ඇති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසූරිය මහතා පවසනවා.

අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාව අභ්යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

The post පැරෂුට් දෙකක් එකිනෙක පැටලී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG