Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව වඩාත් සතුටින්ම සිටින රට ෆින්ලන්තය  

Add comments

ෆින්ලන්තය ලොව වඩාත්ම සතුටින් සිටින රටවල් දර්ශකයේ ඉදිරියෙන්ම පසුවන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙනවා.

ගැලුප් පර්යේෂණ ආයතනය මගින් ලොව රටවල් 149 ක සමාජ තත්ත්වයන්,  පෞද්ගලික නිදහස,  දල දේශීය නිෂ්පාදිතය ආදී දත්ත සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකසනු ලබනවා. පළමු ස්ථාන දහයෙන් නවයක්ම යුරෝපා රටවලට හිමිවී තිබීම විශේෂත්වයක් වන අතර ඉන් පිටත එම දර්ශකයට ඇතුළත් වන එකම රට වන්නේ නවසීලන්තයයි.

නවතම දර්ශකය සකසා ඇත්තේ 2018 වසරේ 2020 දක්වා දත්ත සැලකිල්ලට ගනිමින්. එහිදී රටවල් 22 ක තත්ත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර සතුටින්ම සිටින රටවල් අතර චීනයේ ස්ථානය 94 සිට 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම දර්ශකයේ පහළින්ම පසුවන එනම් අසතුටින්ම පසුවන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය,  ලෙසතෝ,  බෝට්ස්වානා,  රුවන්ඩා සහ සිම්බාබ්වේ යන රටවල් බවයි වාර්තා වන්නේ.

 

 

The post ලොව වඩාත් සතුටින්ම සිටින රට ෆින්ලන්තය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG