Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති මහින්ද බංග්ලාදේශ නිල සංචාරය අරඹයි  

Add comments

දින දෙකක නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියා.

එරට නිදහස් ස්වර්ණ ජයන්ති සැමරුමට වගේම බංගබන්දු ෂෙයින් මුජිබර් රහ්මාන් ජන්ම ශත සංවත්සර උත්සවයටත් අග්‍රාමාත්‍යවරයා සහභාගා වීමට නියමිතයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සදහා බංග්ලාදේශය බලා පිටත්ව ගියේ. යූ එල් 189 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු ශ්‍රී ලංකා ධූත පිරිස මෙසේ දිවයිනෙන් පිටත්ව ගියේ අද උදෑසනයි. දෙදින නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තියට සහ බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැළකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම ශත සංවත්සර සැමරුමටද එක්වීමට නියමිතයි.

බංගබන්දු ෂෙයින් මුජිබර් රහ්මාන් මහතාගේ ශත සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ මුජිබ් වර්ෂයට අදාළව අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක්ද පවත්වනු ඇති.

අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලු ප්‍රභූන් රැසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා සදහා එක්වීමට නියමිතයි.

 

The post අගමැති මහින්ද බංග්ලාදේශ නිල සංචාරය අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG