Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දෙදෙනෙකුට පාකිස්ථාන අධිකරණය මරණ දඬුවම නියම කරයි  

Add comments

පාකිස්ථාන අධිකරණයක් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දෙදෙනෙකුටයි මෙලෙස දඬුවම් නියම කර තිබෙන්නේ.

අබිඩ් මෙහෙලි සහ ෂාෆ්කත් අලි යන දෙදෙනාටයි මරණ දඬුවම නියම කර තිබෙන්නේ. පාකිස්ථාන ප්‍රංශ සම්භවයක් ඇති කාන්තාවක් දරු දෙදෙනා සමඟ ලාහෝර් නුවර අතරමංව සිටියදී කාන්තාව දූෂණයට ලක් කිරීම ඔවුන්ට එල්ල වී තිබූ චෝදනාවයි. එම කාන්තාවගේ මෝටර් රථය සොරා ගැනීම , පැහැර ගැනීම සහ ත්‍රස්තවාදය යන චෝදනාද ඔවුන්ට එල්ල වී තිබුණා. එම චෝදනාවලට  වැරදිකරුවන් ලෙස තහවුරුවීමත් සමඟ ලාහෝර් විශේෂ අධිකරණයක් ඔවුන්ට මරණ දඬුවම නියම කළා.

 

 

 

The post ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දෙදෙනෙකුට පාකිස්ථාන අධිකරණය මරණ දඬුවම නියම කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG