Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට විදුලි බලය ඇණහිටී  

Add comments

ඇමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලි බලය ඇණහිට තිබෙනවා.

කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් අන්තර්ජාතික ගුවන් තොටුපළේ ගුවන් ගමන් සියල්ලම මේ වනවිට අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් තොටුපොළ තුළ මගීන් පන්සියක් පමණ සිරව සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. දශක දෙකකට පමණ පසු ශීත ඍතුව අවසානයේ බලපෑ දරුණුතම හිම කුණාටුව මෙය බවයි කාලගුණික අංශ සඳහන් කරන්නේ. අධික හිම පතනයත් සමඟ ඇතැම් ස්ථානයන්හි හිම තට්ටුවේ ඝනකම අඩි තුන ඉක්මවා තිබෙනවා. අධික සුළං හේතුවෙන් ඇතැම් ස්ථානවල දේපල හානිද සිදුව ඇති අතර කොලරාඩෝ ප්‍රාන්තයේ ජනතාව සඳහා අවදානම් ඇගවීම් ද නිකුත් කර ඇති බව සඳහන්.

 

 

The post ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට විදුලි බලය ඇණහිටී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG