Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

QR කේතය සහිත මෙරට පළමු මුද්දරය නිකුත් කෙරේ  

Add comments

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (16) නිලවශයෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව රුපියල් 25 ක වටිනාකමින් යුත් පුද්ගල කාරක මුද්දරයක් QR කේතය සහිතව අද පළමු වරට නිකුත් කිරීම සිදුවිය.

එම මුද්දරය සම්බන්ධයෙන් හෝ ඒ ආශ්‍රිත වැඩිතර තොරතුරු එහි QR කේතය ස්කෑන් කර මුද්දර කාර්යාංශයේ ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
ඒ අනුව එම මුද්දරය සම්බන්ධ තොරතුරු හා ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගත හැක.

එමෙන්ම විශේෂිත ආරක්ෂිත සලකුණක් සහිතව රුපියල් 500ක් වටිනා නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද එහිදී සිදුවිණි.

එම මුද්දරයේ කිසියම් ආරක්ෂිත සංකේතයක් සඟවා තිබෙන අතර එය යම් පුද්ගලයෙකු වැරදි භාවිතයකට යොදාගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු හසුකර ගැනීමට එමගින් හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි .

මෙරට තැපැල් ඉතිහාසයේ පළමු මුද්දරය නිකුත් කරනු ලැබූවේ 1857 අප්‍රේල් 01 දා වන අතර මේ දක්වා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විවිධ අවස්ථා සහිත සැමරුම් මුද්දර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

The post QR කේතය සහිත මෙරට පළමු මුද්දරය නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG