Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අන්තර්ජාල පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක්  

Add comments

දිඹුලාගල ආරණ්‍ය සේනාස‍නයේ විහාරාධිපති හා ශ්‍රී මහා කාෂ්‍යප මහ පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ඓතිහාසික පුලතිසි පුරවරයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූ උදුම්බරගිරි හෙවත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත පො/දිඹු/ශ්‍රී මහා කාෂ්‍යප මහා පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත පරිගණක ඉගෙනුම් අවස්ථා සැලසීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකයේ මැදිහත් වීම මත පරිගණක 20කින් යුත්, අන්තර්ජාල පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක් ඉතා කෙටි කලකින් ස්ථාපිත කොට දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය වෙත පවරා දීමේ උත්සවය  තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේ අනුශාසන කථාව පවත්වමින් දිඹුලාගල ආරණ්‍ය සේනාස‍නයේ බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී, දිඹුලාගල මහ කාෂ්‍යප මහ පිරිවෙනේ පරිවේණාධිපති සහ පුණ්‍යකුඩා පිරිවෙනේ කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අධ්‍යාපනපති දේවගල දේවාලංකාර නාහිමිපාණන් වහන්සේ වදාරා සිටියේ සංඝ ශාසනයේ චිරස්ථිතිය උදෙසා පෙළගැසෙන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත නූතන අධ්‍යාපනයට අවැසි පරිගණක සාක්ෂරතාවය, ඉංග්‍රීසි භාෂාව මෙන්ම තාක්ෂණික දැනුම ලබා දීම වඩාත් කාලෝචිත වන බවයි.එමෙන්ම දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව උගැන්විය හැකි උපදේශකවරුන්ගෙන් සමන්විත භාෂාගාරයක් ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන සදහා ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ද ඉල්ලා සිටියහ.

මෙම පරිගණක විද්‍යාගාරය සියලු පහසුකම්වලින් අනූන, අන්තර්ජාල පහසුකම් සහිතව ඉදිකර ඇති අතර, සියලු මෙහෙයවීම් කටයුතු සිදුවන්නේ ජාතික යොවුන් සේනාංකය මගිනි.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පා.ම. අමරකීර්ති අතුකෝරළ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යන මැති ඇමතිවරුන් මෙන්ම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) නීතීඥ නිශාන්ත පුෂ්පකුමාර, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, භික්ෂු මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

The post දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අන්තර්ජාල පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG