Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිසසුන් කාන්තා සිරුර කොළඹට ආ හැටි (CCTV)- කාන්තා ඇදුම් බෑගයක් හංවැල්ලෙන් හමුවෙයි  

Add comments

කොළඹ වේල්ලවීදියේ ගමන් මල්ලක තිබී හමුවූ හිසසුන් කාන්තා මළ සිරුර පිළිබඳ මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඝාතනයට ලක් වූ තැනැත්තිය අවුරුදු 17 ත් 20 ත් අතර අයෙක් බවටයි පොලිසිය සැක කරන්නේ.

එම තැනැත්තියගේ යැයි සැක කෙරෙන බෑගයක් හංවැල්ල බස් නැවතුම්පොළේ තිබී හමුවී තිබෙනවා. එහි කාන්තා ඇදුම් අසුරා තිබුණු බවයි පොලිසිය  පවසන්නේ.

හිස කදින් වෙන් කළ කාන්තා සිරුරක් ගමන් මල්ලක දමා තිබියදී පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයෙන් ඊයේ සොයා ගත්තා. කිසියම් පුද්ගලයෙකු මෙම ගමන් මල්ල රැගෙන එන ආකාරය අසල වූ සීසීටීවී කැමරාවල සටහන්වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර මේ වන විට කරුණු රැසක් හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. සිරුර රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.

මෙම බස් රථය හංවැල්ල පිටකොටුව මාර්ගයේ ධාවනය වන්නක් බවයි එහිදී හෙළිවුණේ. කිසියම් පුද්ගලයෙකු ගමන් මල්ලක් ද රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වූ බව රියදුරු හා කොන්දොස්තරවරයා සාක්‍ෂි ලබා දෙමින් සදහන් කර තිබෙනවා.

සී සී ටීවී දර්ශනවල දැක්වෙන අදාළ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දුරකථන අංක 071 85 91 557 හෝ 0112 433 333 ඔස්සේ පොලීසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා.

The post හිසසුන් කාන්තා සිරුර කොළඹට ආ හැටි (CCTV)- කාන්තා ඇදුම් බෑගයක් හංවැල්ලෙන් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG