Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙසෙල්වත්තේ දිනුකගේ සිරුර දිවයිනට – අනන්‍යතාව තහවුරු කිරීමට DNA පරීක්ෂණයක්  

Add comments

පසුගියදා ඩුබායිහිදි මිය ගිය බව කියන ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ කෙසෙල්වත්තේ දිනුක යන අයගේ සිරුර කටුනායක ගුවන්තොටුපළ වෙත අද (18) පෙරවරුවේ රැගෙන විත් තිබෙනවා.

විවිධ අපරාධ සම්බන්ධයෙන් කෙසෙල්වත්තේ දිනුක යන අයට එරෙහිව රතු නිවේදනද නිකුත් කර තිබුණා. කෙසේවෙතත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ඩුබායිහිදි මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව අද පෙරවරුවේ රැගෙන ආ දේහය ඔහුගේමද යන්න පිළිබද ඩීඑන්ඒ පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමෙන් පසු ඥාතීන්ට භාර දෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

දේහය රැගෙන විත් තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපළට ගොස් තිබුණා. මත්ද්‍රව්‍ය ඇතුලු පාතාල කටයුතු සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී සිටි කෙසෙල්වත්තේ දිනුක වෙනත් නමකින් විදේශගතව ඇති බවයි විමර්ශනවලදී හෙළිවී තිබුණේ.

 

The post කෙසෙල්වත්තේ දිනුකගේ සිරුර දිවයිනට – අනන්‍යතාව තහවුරු කිරීමට DNA පරීක්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG