Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN පුවත ඵලදරා කළුකැලේ ඒකාලෝක වෙයි  

Add comments

විදුලිය නොමැතිකමින් පීඩා විදින අපේ රටේ තවත් පිරිසක් ගැන ස්වාධීන රූපවාහිනිය දිගින් දිගටම හෙළිදරවු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රිදීමාලියද්ද අරාව,  කලුකැලේ ගම්මානයට විදුලිය ලබාදීම ආරම්භ කෙරුණා.

කලුකැලේ ගම්මානයට විදුලිය නොමැතිකමින් එහි සිටින පවුල් සියයක් පමණ දැඩි දුෂ්කරතාවන්ට පත්වුණා. ඔන්ලයින් ක්‍රමයට රටපුරා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද විදුලිය නොමැතිකම නිසා කලුකැලේ දරුවන්ට එම අවස්ථාව අහිමි වුණා.

මේ පිළිබද අප ප්‍රවෘත්ති තුළින් නිරන්තරයෙන් හෙළිකළේ රටේ සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු වැසියන්ට එකසේ ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තියවීම හේතුවෙනුයි. මේ අනුව වහා ක්‍රියාත්මක වී ගම්මානයට අවශ්‍ය විදුලිය ලබාදීම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා. වසර 75 කටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන තම ගම්මානයට මෙසේ විදුලිය ලබා ගැනීම සිහිනයක්ව පැවති බවයි ගම්වාසීන් පවසන්නේ.

 

The post ITN පුවත ඵලදරා කළුකැලේ ඒකාලෝක වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG