Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඛණ්ඩව 06 වන දිනටත් ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි  

Add comments

අඛණ්ඩව හයවන දිනටත් ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ගත වූ පැය 24 ට ඉන්දියාවෙන් ආසාදිතයින් 169,914 දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 904 ක්. ඒ සමඟම ඉන්දියාව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතුරින් බ්‍රසීලය පසුකරමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. පළමු ස්ථානයේ ඇමෙරිකාව පසුවන අතර එරටින් කොරෝනා ආසාදිතයින් 31,918,591 දෙනෙකු හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. තුන්වන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් එක්කෝටි තිස්පන්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් හමුවී තිබෙනවා. ඒ සමඟම රටවල් 219 කින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දහතුන්කෝටි හැටහය ලක්ෂයක ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව විසිනව ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post අඛණ්ඩව 06 වන දිනටත් ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG