උත්සව සමයේදී කොරෝනා වසංගතය පැතිරීම යාම වේගවත් වීම වැළැක්වීමේ අරමුණින් පොලිස් මූලස්ථානය මගින් විශේෂ චක්‍රලේඛයක් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය උපදෙස් රැකගැනීම දිරිමත් කරමින් මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්ද එමගින් සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි අවධානයෙන් අනුගමනය කිරීමේ වැදගත්කම ද පොලීසිය පෙන්වා දෙනවා.
සමූහයක් රැස්වන අවුරුදු ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් සෞඛ්‍ය බලධාරීන්ගේ හා පොලීසියේ අවසරය ඊට අනිවාර්ය වනවා. එවැනි එක් රැස්වීම්වලට ශාලා පහසුකම් ලබා දෙන්නේ නම් එහිදී ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය හා නිර්දේශ පරිදි කටයුතු කළ යුතුයි. නවාතැන් පහසුකම් සපයන ස්ථානවල ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය වන අතර එවැනි ස්ථානවල ලැගුම් ගන්නා පිරිස්වල තොරතුරු නිසි ආකාරයෙන් සටහන් කර ගැනීමද අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.
The post උත්සව සමයේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් appeared first on ITN News.
Post a Comment