ඉරානය යුරේනියම් බලගැන්වීමේ නවතම යන්ත්‍ර පද්ධතියක් එළිදක්වා තිබෙනවා.
ජාතික න්‍යෂ්ටික තාක්ෂණ දිනය සැමරීම සදහායි මෙම යන්ත්‍ර පද්ධතිය එළිදක්වා ඇත්තේ.කෙසේ වෙතත් ඉරාන ජනාධිපති හසන් රොහානි පවසා ඇත්තේ න්‍යෂ්ටික අවි නිපදවීමට තමන්ගේ ඇමුණක් නැති බවයි.
2015 වසරේදී ලෝක බලවතුන් සමග ඇති කර ගත් ගිවිසුම අවස්ථා කිහිපයකදී උල්ලංඝණය කිරීමට ඉරානය කටයුතු කළා. ඒ 2018 වසරේදී හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික ගිවිසුම ඉවත් කර ගැනීමට කටයුතු කිරීමත් සමගයි. කෙසේ වෙතත් දෙරට අතර වක්‍ර ආකාරයෙන් න්‍යෂ්ටික සාකච්ඡා මේ වන විට ඇරඹී තිබෙනවා.
The post ඉරානයෙන් යුරේනියම් බලගැන්වීමේ නවතම යන්ත්‍ර පද්ධතියක් appeared first on ITN News.
Post a Comment