Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන්  

Add comments

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනි හල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම නිමිත්තෙන් අද දහවල් විහාරස්ථානයේ පැවති දානමය පින්කමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල  නිරත වුණා. අනතුරුව දානමය පිංකමට එක්වූ ජනාධිපතිතුමා මහ සංඝ රත්නයට දානය පිළිගැන්වූවා. අදට යෙදී ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනයට හා හෙටට යෙදී ඇති උන් වහන්සේගේ මැණියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද කිරීමේ පිංකමක් ලෙස මෙය පැවැත්වුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම , පූජ්‍ය නියංගොඩ විජිතසිරි , අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි , අමරපුර චූලවංශික මහනිකායේ අනුනායක පූජ්‍ය යෝගියානේ සෝභිත යන ස්වාමීන්වහන්සේ ද දානමය පිංකමට එක් වුණා. පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා. අමාත්‍ය සරත් වීරසේකර , ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු , ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ දානමය පින්කම ජනපති සහභාගිත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG