Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් කංසා හේන් 12ක්  වටලයි  

Add comments

රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් කංසා හේන් 12ක්  තණමල්විල හා  කොස්ලන්ද යන ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වටලා තිබෙනවා.

තණමල්විල පොලිස් බල ප්‍රදේශය තුල කංසා හේන් 06ක්ද,කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශය තුල තවත් කංසා හේන් 06ක්ද වැටලීමට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්වුණා. අක්කර 07ට ආසන්න ප්‍රමාණයක කංසා වගා සිදු කර තිබුනු අතර කංසා ගස් 85000කට අධික ප්‍රමාණයක් මෙහිදී ගලවා ගිනි තබා විනාශ කෙරුණා.

මෙම වැටලිම සිදුකර ඇත්තේ ඩ්‍රෝණ කැමරා බලඇණියක්ද යොදා ගනිමිනුයි. තණමල්විල හම්බෙගමුව ප්‍ර‍දේශයේ සිදු කළ වැටලීමේදී එක් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.මෙතෙක් අත්අඩංගුවට ගත් වටිනාමින් වැඩිම කංසා හේන් සහ කංසා තොගය මෙය වනු ඇති බවට වාර්තාවනවා.

 

 

 

The post කෝටි 10කට වැඩි වටිනාකමකින් යුත් කංසා හේන් 12ක්  වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG