Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිත නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න – කෝප් කමිටුවෙන් උපදෙස්  

Add comments

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සදහා විගණකාධිපති වාර්තාව සහ එහි වත්මන් කාර්ය සාධනය පිළිබද පරික්ෂා කිරීමට කෝප් කමිටුව රැස්වුණා.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 162 ක්, ඉන් 123ක් කොන්ත්‍රාත් තනතුරු වීම විශාල ගැටලුවක් බවයි කෝප් කමිටුව පෙන්වා දෙන්නේ. මූල්‍ය අංශ ප්‍රධාන, නීති නිලධාරී, තොරතුරු තාක්ෂණ නිලධාරී සහ අභ්‍යන්තර විගනක යන තනතුරු අනිවාර්යයෙන්ම ස්ථිර විය යුතු බවද ඔවුන් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රසම්පාදන කටයුතු ද අවිධිමත් බැවින් එය විධිමත් කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවට කෝප් කමිටුව නිර්දේශ කළා.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත් වීම මීට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතුයි. ක්‍රීඩා සංගම්වලට මුදල් ලබා දීම සදහා නිවැරදි ආකෘතියක් සැකසිය යුතුයි. ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමටද කෝප් කමිටුව නිර්දේශ කළා. 2018 දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 29ක ආදායම් මුදල මෙතෙක් අය කර නොගැනීම සම්බන්ධයෙන් කෝප් කමිටුව ප්‍රශ්න කළා.

රහස් පොලිසිය මේ වන විටත් ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙහිදී පැවසුවේ. එහි වාර්තාව මාස තුනක් ඇතුළත කාරක සභාවට ලබා දෙන ලෙස අවධාරණය කෙරුණා. එම මුදල ඩයමන්ඩ් චැනල් නම් ඇමෙරිකා ජාතිකයෙකුගේ ගිණුමකට බැරවී ඇති බවත් එය සිදුවූයේ කෙසේද යන්න පිළිබද විමර්ශන වලදී අවධානය යොමු වී ඇති බවත් කාරක සභාවේදී හෙළිවුණා.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස බදවා ගැනීමට අදාල ගිවිසුම දෝශ සහිත වීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා මේ වන විට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 30ක් බවද මෙහිදී හෙළිවුණා. 2019 මූල්‍ය ප්‍රකාශනවලට පැවති  දෝශ හේතුවෙන් 2020 ගිණුම් වලින් එම මුදල් කපා හැරීම ගැන කෝප් කමිටුව ක්‍රිකට් ආයතනයට දැඩිව දෝෂාරෝපණ එල්ලකළා. මීට වගකිවයුතු නිලධාරීන්ට කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සහ බහු ක්‍රීඩා සංගමයක් ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 132ක් වියදම් කර තිබුණ ද ඊට අදාළ හිමිකම් ඔප්පුවක් මෙතෙක් ලබා නොගැනීම පිළිබදව ද කාරක සභාවේ අවධානය‌ යොමු වුණා. 2014 සිට 2017 දක්වා ගෙවිය යුතු ණය ගිණුම් 69ක් 2020 මූල්‍ය ප්‍රකාශවලින් කපා හැර තිබීම පිළිබදවද මෙහිදී අවධානය යොමුවුණා.

 

 

The post ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිත නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න – කෝප් කමිටුවෙන් උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG