වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදිය යුතු බවට බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ වයස අවුරුදු 19 ත් 30 ත් අතර කාණ්ඩයේ පසුවන්නන් සඳහා මෙම විකල්පය ආදේශ කළ යුතු බවයි. මේ වන විට බ්‍රිතාන්‍යයේ මිලියන 20 කට අධික පිරිසක් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇති අතර ඔවුන් අතුරින් පුද්ගලයින් 79කට රුධිරය කැටිගැසීම් සම්බන්ධ රෝගාබාධ මතුව තිබෙනවා.
බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම තත්ත්වය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත සෘජුවම බලපා ඇති බවට කිසිඳු සාක්ෂියක් නැති නමුත් මේ සඳහා එන්නත පසුබිම් විය හැකි බවට වන සාධක තහවුරු වෙමින් පවතින බවයි. 90%කට වැඩි ඵලදායිතා ප්‍රතිශතයක් පෙන් වූ බ්‍රිතාන්‍යය නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබදව මේ වන විට එරට තුළම සැකයක් මතුව තිබෙනවා.
The post 30ට අඩු අයට සෙනෙකා වෙනුවට ආදේශකයක් ලබාදිය යුතුයි – බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් කියයි appeared first on ITN News.
Post a Comment