Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ඇවිදින මංතීරුවක වැඩ කටයුතු ඇරඹෙයි  

Add comments

යහපාලන රජය සමයේ ඉදිකිරීම් අතහැරදමා තිබූ තවත් ඇවිදින මංතීරුවක වැඩ කටයුතු ආරම්භ කෙරුණා. ඉදිකිරීම් නතරකර තිබීම හේතුවෙන් සිදුව ඇති අසාධාරණය පිළිබද අප ප්‍රවෘත්ති තුළින් නිරන්තරයෙන් සිහිපත් කිරීමත් සමග එහි සංවර්ධන කටයුතු යළි ආරම්භකර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී ගම්පහ මාකේවිට ප්‍රදේශයේ අවිදින මංතීරුවේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ප්‍රදේශයේ විශාල පිරිසකට සෙත සැළසෙන පරිදි ක්‍රීඩා පිටියක් හා ළමා උද්‍යානයක් ද සැළසුමට ඇතුළත්. අක්කර 4 ක් පුරා පවතින මෙම භූමිය පසුගිය කාලයේ දී වල් බිහිවීමට ඉඩහැර තිබුණා.

එහෙත් වත්මන් රජය රුපියල් ලක්ෂ 300 ක වියදමින් එහි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළා. ඇවිදින මංතීරුව ඇතුළු මෙම ව්‍යාපෘතියේ  කටයුතු ආරම්භ කෙරුණේ  රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් කරුණාවංශ මහතාගේ කැපවීමෙන් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට හැකිවුණා.

 

The post තවත් ඇවිදින මංතීරුවක වැඩ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG