Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

13 සහ 14 සුරා සැල් වැසේ  

Add comments

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 2021.04.13 හා 14 දෙදින සංචාරක මන්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම 2021. 04. 26 වන දිනට යෙදී ඇති බක් පුර පසලොස්වක පෝය දිනයෙහිදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.

මෙම කාලසීමාව තුලසිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇති.

The post 13 සහ 14 සුරා සැල් වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG