පකිස්ථානයට විශේෂ යුද උපකරණ ලබාදෙන බව රුසියාව ප‍්‍රකාශ කළා. ත‍්‍රස්ත මර්දන මෙහෙයුම් වලට සහය ලබාදීමයි අරමුණ.
ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බව රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලව්රෝව් පවසනවා. යුද හා නාවික අභ්‍යාසයක්ද සැලසුම් කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
පකිස්ථාන විදේශ අමාත්‍යවරයාද විශේෂ සාකච්ජාවකට එක්වුණා. ත‍්‍රස්තවාදය හේතුවෙන් රටවල් රැසකට ගැටලු මතුව තිබෙනවා. ඒවා සමතයකට පත්කිරිමට උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමයි අපේක්ෂාව. ඒ සදහා අවශ්‍ය සහය ලබාදෙන බවයි රුසියා විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
The post රුසියාවෙන් පකිස්ථානයට විශේෂ යුද උපකරණ appeared first on ITN News.
Post a Comment