සෞභාග්‍යා පුලතිසි දැක්ම 2021 වෙළෙද ප්‍රදර්ශනය පොළොන්නරුව නගර නව වෙළෙද සංකීර්ණ පරිශ්‍රයේදී මේ දිනවල පැවැත්වෙනවා.
දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම හා ඔවුන්ගේ නිෂ්පාදනවලට නිසි වටිනාකමක් ලබාදීම මෙහි අරමුණයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වෙළෙද ප්‍රදර්ශනය විවෘත කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ද මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හමුවී ඔවුන්ගේ නිෂ්පාදන ඇගයීමට ලක්කළා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය කාර්යාලය, පොලොන්නරුව මහනගර සභාව සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධාන කර තිබෙනවා. වෙළෙද ප්‍රදර්ශනය ලබන 11 වනදා දක්වා පැවැත්වෙනවා.
The post සෞභාග්‍යා පුලතිසි දැක්ම 2021 වෙළෙඳ ප්‍රදර්ශනය පොළොන්නරුවේදී appeared first on ITN News.
Post a Comment