ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පැනවීමට කටයුතු කළ බව නවසීලන්ත රජය පවසනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා. නවසීලන්ත දේශ සීමාව ආසන්නයේදී නව කොරෝනා වෛරස් අසාධිතයින් 23 දෙනෙකු හදුනාගැනීම මෙම තීරණයට හේතුවූ බවයි ඇය පවසන්නේ.
නව ආසාධිතයින් 23 දෙනා අතර ඉන්දියානුවන් 17 දෙනෙකු සිටින බව හදුනාගෙන තිබෙනවා. නවසීලන්තය දෙවන කොරෝනා රැල්ල පාලනය කිරිමෙන් අනතුරුව දින 40 කට පසු නැවතත් නව ආසාධිතයින් වාර්තා වූ අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.
The post ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් appeared first on ITN News.
Post a Comment