Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට  

Add comments

උද්ඝෝෂණයක් අතරතුර ඇති වූ සිද්ධියක් හේතුවෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටුව පොලීසිය මගින්.

අද උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදි චන්ද්‍රරතන හිමියන් කොටුව පොලීසියේ ජීප් රථයකට  පහරදී අලාභ හානි සිදු කළ බව පොලීසිය පවසනවා.එම සිද්ධිය මෙන්ම අයුතු ජනරාශියක සාමාජිකයකු වීමේ චෝදනාවට අදාළව ද පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේ  සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රණවිරු බිරින්දෑවරුන් පිරිසක් අද කොටුව දුම්රියපොල අසලින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. මෙම විරෝධතා පාගමනට නාදුනන පුද්ගලයෙකුගෙන් එල්ල වූ ගල් ප්‍රහාරයත් සමග එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මැදිහත් වුණා. මෙහිදී විරෝධතාවට සහයෝගය දක්වමින් සිටි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මෙම අවස්ථාවේදී පොලිස් ජීප් රථයකට පහරදී අලාභ හානි සිදුකිරීම අයුතු ජන රාශියක සාමාජිකයෙකුවීම හා පොලිස් රාජකාරියට බාධාකිරීමේ චෝදනා යටතේ ජඹුරේවෙල හිමියන් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කළේ. උන්වහන්සේ හෙට දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත වූ පිරිස ඉල්ලා සිටින්නේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.

The post ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG