Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා විදුලිබල සේවකයින් උද්ඝෝෂණයක  

Add comments

තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිපිටදීයි.

වසර 3 කට වරක් සිදුවන වැටුප් වැඩිවීම, උසස් කිරීමේ හා බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද පෙරවරුවේ විදුලිබල මණ්ඩල සේවකයින්ගේ විරෝධතාව පැවැත්වුණා. සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ලෙඩ නිවාඩු වාර්තා කරමින් විදුලි සේවකයින් පිරිසක් මීට එක්ව සිටියා.

එමෙන්ම 2021 වැටුප් වැඩිවීමට අදාළව පාලන අධිකාරිය පසුගියදා නිකුත් කල සාමූහික ගිවිසුමද ගිනි බත් කිරීමට විරෝධතාකරුවන් ක්‍රියා කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට මේ වනවිටත් එකගත්වය පළකර ඇති බවයි.

 

The post වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා විදුලිබල සේවකයින් උද්ඝෝෂණයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG