පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව දංකොටුව ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක ගාල් කර තිබියදී ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර් දෙකක් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 28 වනදායි.
පොල්තෙල් ලීටර් 55,000 ක් මෙම බවුසර් දෙකෙහි ගබඩා කර තිබුණු අතර ඉකුත් 31 වනදා එම පොල්තෙල් ලීටර් තොගය රේගුවට භාර දුන්නා. මෙම පොල්තෙල් සාම්පල ආයතන 3 ක් වෙත පරීක්ෂණ කටයුතු සදහා යොමු කිරීමට පියවර ගැනුනේ පිළිකාකාරක විෂ සංඝටක පොල්තෙල්වල ඇද්දැයි පරීක්ෂා කිරීමටයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකයට සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සාම්පල යොමු කර තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත යොමුකල පිරිපහදු නොකළ පොල්තෙල් සාම්පල වලට අදාළ වාර්තාව මේ වනවිට ලැබී තිබෙනවා. එම වාර්තාවලට අනුව මෙම සාම්පලවල ඇෆ්ලටොක්සින් නමැති රසායනය අඩංගු බවට තහවුරුවී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සදහන් කළා. රජයේ රස පරීක්ෂකවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමුකළ අනෙකුත් සාම්පලවල වාර්තා ද අපේක්ෂාවෙන් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර විෂ රසායන අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙස අදහස් පළකළා.
The post දංකොටුවේදී අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙකෙහි,පිළිකාකාරක අඩංගු බව තහවුරු වෙයි appeared first on ITN News.
Post a Comment