Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනාවට එරෙහි බ්‍රසීල ජනපතිගේ මන්දගාමී ප්‍රතිචාරය ගැන සෙනෙට් මණ්ඩලයෙන් පරීක්ෂණයක්  

Add comments

බ්‍රසීල ජනාධිපති ජායෙර් බොල්සොනාරෝගේ රජය කොරෝනා වසංගතය ආරම්භයේ සිට ඊට මන්දගාමීව ප්‍රතිචාර දැක්වීම පිළිබදව සෙනට් මණ්ඩලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු දෙවන දිනටත් බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව හාරදහස ඉක්මවා ගොස් තිබෙනවා. බ්‍රසීලයේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර රෝහල් පහසුකම් නොමැතිවීම හේතුවෙන් විශාල පිරිසක් දෛනිකව මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබද බරපතල ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි බ්‍රසීල සෞඛ්‍ය අංශ පවසන්නේ. වයිරස් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගියද රට වසා දැමීම සදහා  ඉදිරිපත්ව ඇති යෝජනා බ්‍රසීල ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රතික්ශේප කරමින් සිටින බවද වාර්තා වනවා.

 

 

 

The post කොරෝනාවට එරෙහි බ්‍රසීල ජනපතිගේ මන්දගාමී ප්‍රතිචාරය ගැන සෙනෙට් මණ්ඩලයෙන් පරීක්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG