Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ගල්අඟුරු ආකරයක් තුළ 21 දෙනෙකු සිරවෙයි  

Add comments

චීනයේ ගල්අගුරු ආකරයක් තුළට ජලය ඇතුලුවීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු එතුළ සිරව ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා.

තවත් පුද්ගලයින් අට දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. ආකරය තුළට ජලය ඇතුල්වීමත් සමග එයට සපයා තිබූ විදුලි බලය ද ඇනහිට තිබෙනවා. කම්කරුවන් සිරව සිටින ස්ථානය මේ වනවිට හදුනාගෙන ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

ඔවුන් බේරාගැනීම සදහා සහන කණ්ඩායම් රැසක් යොදවා ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය දෙසැම්බර් හා ජනවාරි යන මාසවලදී මේ ආකාරයට පතල් තුළ සිදුවූ අනතුරුවලින්  පුද්ගලයින් පනහකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

 

 

The post චීනයේ ගල්අඟුරු ආකරයක් තුළ 21 දෙනෙකු සිරවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG