ප්‍රථම වරට බ්‍රසීලයේ පැය 24 ක් ඇතුළත කොරෝනා මරණ හාරදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
බ්‍රසීලයේ ප්‍රධාන නගර රැසක රෝහල් සීමාව ඉක්මවා කොරෝනා රෝගීන්ගෙන් පිරී ඇති බව සඳහන්. එරටින් මේ වන විට කොරෝනා මරණ තුන්ලක්ෂ තිස්හත්දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පවතින ආර්ථික අවපාතයත් සමඟ රට වසා දැමීමේ ක්‍රියාවලියකට එළඹීමට තවමත් තමන් සූදානම් නැති බවයි බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ ප්‍රකාශ කළේ. වැඩි වන කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවත් සමඟ රජය කිසිඳු පියවරක් අනුගමනය නොකිරීම හේතුවෙන් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ පැවැත්වීමටද කටයුතු කර තිබෙනවා.
The post පැය 24ක් තුළ බ්‍රසීලයේ කොරෝනා මරණ හාරදහසකට වැඩි සංඛ්‍යාවක් appeared first on ITN News.
Post a Comment