බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළං හමා යන්නේ වයඹ සිට නිරිත දක්වා වන දිශාවලින්. සුළගේ වේගය පැයට කිලෝ මිටර හතලිහක් පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.
The post දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි appeared first on ITN News.
Post a Comment