රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ සිනමා දිවියට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට සතියක් පැවැත්වුණා.
සිනමා සතියේ අවසන් දිනයේ ප්‍රදර්ශනය කෙරුණේ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අධ්‍යක්ෂණය කළ ගාමණී චිත්‍රපටයයි. චිත්‍රපට උළෙල පසුගිය 31 වනදා ආරම්භ වුණා. කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදී චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණු අතර කලාශිල්පීන් දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වුණා. අවසන් දින චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. චිත්‍රපටය නිෂ්පාදක උපාලි රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍යවරයා අතින් කුමාර තිරමාදුර මහතාට උපහාර තිලිණයක්ද මෙහිදී පිරිනැමුණා.
The post කුමාර තිරිමාදුරගේ සිනමා දිවියට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට සතියක් appeared first on ITN News.
Post a Comment