තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 72 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර තායිවානයේ උමං දුම්රිය මාර්ගයක දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 350 ක් පමණ ගමන් ගත් බවයි වාර්තා වන්නේ. තායිවානයේ ටයිටුන් නගරය බලා ගමන් ගත් දුම්රිය පිලී පැනීමත් සමඟ එක් මැදිරියක් දුම්රියෙන් වෙන්වී උමං මාර්ගය අවහිර වූ බවයි සඳහන් වන්නේ. දුම්රිය මැදිරි වෙත ළඟාවීම අපහසු වීම හේතුවෙන් විපතට පත්වූවන් මුදා ගැනිමේ මෙහෙයුම් දුෂ්කර වී තිබෙනවා. අනතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
The post තායිවානයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 36 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment