මියන්මාර හමුදා නායකයින් රඳවා ගෙන සිටින එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුචීට නව චෝදනා එල්ල කර තිබෙනවා.
අධිරාජ්‍ය යුගයේ රාජ්‍ය රහස් නීතිය උපයෝගී කර ගනිමින් එල්ල වී ඇති නව චෝදනා යටතේ ඇයට වසර 14 ක් දක්වා සිර දඬුවම් පැමිණවිය හැකි බවයි වාර්තා වන්නේ. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවී දැනට මාස 2ක් සපිරෙන අතර ගතවූ කාලය තුළ හමුදා වෙඩි පහරින් විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අතර ළමයින් 43 දෙනෙකුද වනවා. මියන්මාරයේ වර්තමාන තත්ත්වය ඉතාමත් අනතුරුදායක මට්ටමක පවතින අතර එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post අවුන් සාන් සුචීට නව චෝදනා appeared first on ITN News.
Post a Comment